header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් ඉවත් කිරීමේ සිද්ධියේ වීඩියෝ දර්ශන ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්
Nov 17, 202504:59 PM
ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් ඉවත් කිරීමේ සිද්ධියේ වීඩියෝ දර්ශන ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්
Mobitel 1278

ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ වෙරළ තීරයේ බුදු පිළිමයක් ඉවත් කිරීම හා සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්තාවය දැක්වෙන වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ අදාළ සිදුවීම මුල්කර ගනිමින් යම් අසත්‍ය පුවත් නිර්මාණය වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වය පැහැදිලි කිරීම සඳහා අදාළ මාධ්‍ය නිවේදනය නිකුත් කළ බවය.

මෙම සිදුවීම මුල් කරගෙන ජාතීන් අතර අසමගියක් ඇති වීමට ඉඩප්‍රස්ථාවක් ඇති බවට ශ්‍රී ලංකා පොලීසියට නිරීක්ෂණය වී ඇතැයි ද අදාළ නිවේදනයේ දැක්වේ.

මෙම ප්‍රදේශයේ සියලු ජාතීන් නියෝජනය වන ප්‍රදේශයක් වන බැවින්, යම් හෙයකින් මෙම සිදුවීම දඩමීමා කරගනිමින් යම් කඩාකප්පල්කාරී පුද්ගලයෙකු මෙම බුදු පිළිමයට යම් කිසි හානියක් සිදුකළ හොත් එය ප්‍රදේශයේ සාමය සහජීවනය පවත්වාගෙන යෑමට විශාල ගැටලුවක් ඇති වීමට තුඩුදිය හැකි බැවින් එම අවස්ථාවේදී බුදු පිළිම වහන්සේ ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත වැඩම කරවා ගැනීමට කටයුතු කළ බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.

ඊයේ (16) දින වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මඟින් වරාය පොලීසිය වෙත යොමු කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරමින් පවතින අනවසර ඉදිකිරීම් නැවැත්වීමට යාමේදී එම ස්ථානයට රැස්වූ පිරිසක් කලහකාරී ලෙස හැසිරීමේ දී එය පාලනය කිරීමට පොලීසිය විසින් කටයුතු කළ ද කිසිදු අවස්ථාවක මහා සංඝරතනයට හෝ මහජනතාවට පහරදීමක් සිදුකර නොමැති බවද පොලීසිය අදාළ නිවේදනය මඟින් පෙන්වා දී තිබේ.

තවද මේ වනවිට ප්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් පවතින බැවින් මේ සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් එකඟතාවයකට පැමිණ ඇති බැවින් මෙසේ පොලිස් ආරක්ෂාව යටතට ගත් බුදු පිළිම වහන්සේ නැවත වැඩම වීම සඳහා ගරු මහා සංඝරතනයට සහ දායක සභාවට භාරදී ඇතැයි ද පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අද දින මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ලක්ෂපාන වත්තේ ඉරිතලා ගිය නිවාස.. - "බිත්ති පුපුරලා වැටිලා මැරුණම තමයි බලධාරීන් බලන්නේ"

ලක්ෂපාන වත්තේ ඉරිතලා ගිය නිවාස.. - "බිත්ති පුපුරලා වැටිලා මැරුණම තමයි බලධාරීන් බලන්නේ"

 චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

 ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

 අනෝජන් වෙනුවෙන් ගත් උත්සාහය ඵලදැරූ හැටි - සම්පූර්ණ කතාව මෙන්න...

අනෝජන් වෙනුවෙන් ගත් උත්සාහය ඵලදැරූ හැටි - සම්පූර්ණ කතාව මෙන්න...

රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

IMF සමඟ අලුත් දීගෙකට රජය සූදානමින්? - "අලුත් එකඟතාවකට යන්න පුළුවන්නම් ඒ සඳහා ලෑස්තියි"

IMF සමඟ අලුත් දීගෙකට රජය සූදානමින්? - "අලුත් එකඟතාවකට යන්න පුළුවන්නම් ඒ සඳහා ලෑස්තියි"

ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

 "පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

"පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

 "බුදු හාමුදුරුවන්ට තිබුණා දේවදත්තගේ සිවුර අයින් කරන්න..කළේ නෑ"

"බුදු හාමුදුරුවන්ට තිබුණා දේවදත්තගේ සිවුර අයින් කරන්න..කළේ නෑ"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

ගෙදරට එන්නෙත් නෑ ලිඛිතව දෙන්නෙත් නෑ - ලයිට් නොකපා සල්ලි ගරලා - ලෙකෝට චෝදනා

ගෙදරට එන්නෙත් නෑ ලිඛිතව දෙන්නෙත් නෑ - ලයිට් නොකපා සල්ලි ගරලා - ලෙකෝට චෝදනා

බොක්ක කැලඹී වැස්ස විසිරෙයි

බොක්ක කැලඹී වැස්ස විසිරෙයි

යෝෂිත, කරන්නාගොඩ, බෝගොල්ලාගමට එරෙහි නඩු 28 - 29 කැඳවයි

යෝෂිත, කරන්නාගොඩ, බෝගොල්ලාගමට එරෙහි නඩු 28 - 29 කැඳවයි

ශිරන්ති, නාමල්, පිල්ලෙයාන් රිමාන්ඩ්

ශිරන්ති, නාමල්, පිල්ලෙයාන් රිමාන්ඩ්

IMF ගිවිසුම අලුත් කරන්න සූදානම්

IMF ගිවිසුම අලුත් කරන්න සූදානම්

"විශ්වාසය තබන්න - ආයෝජකයිනි මෙහි එන්න"ජනපති ඉල්ලයි

"විශ්වාසය තබන්න - ආයෝජකයිනි මෙහි එන්න"ජනපති ඉල්ලයි

පෝට්සිටියේ මැරකම් කළ චීන පාතාලයේ ප්‍රබලයෙක් දැලේ

පෝට්සිටියේ මැරකම් කළ චීන පාතාලයේ ප්‍රබලයෙක් දැලේ

ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana