ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
November 17, 2025 02:37 pm
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුක් කර තිබේ.
අද (17) දහවල් 12.30ට නිකුත් කරන ලද එම නිවේදනය රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දකුණු සහ ඌව පළාත් සහ කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
