2026 පාසල් විභාග පැවැත්වෙන දින වකවානු නිකුත් කෙරේ

2026 පාසල් විභාග පැවැත්වෙන දින වකවානු නිකුත් කෙරේ

November 14, 2025   09:19 pm

එළැඹෙන 2026 වසර තුළදී පාසල් විභාග පැවැත්වෙන දින සම්බන්ධව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2025 වසරට අදාළව පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන වසරේ පෙබරවාරී 17 වැනිදා සිට පෙබරවාරි 26 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

තවද 2026 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන වසරේ අගෝස්තු 09 වැනිද දිනත් උසස් පෙළ විභාගය 2026 වසරේ අගෝස්තු 10 වැනිදා සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වාත් පැවැත්වීමට තීරණය කර තිබේ.

එමෙන්ම 2027 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට පළමුවරට පෙනී සිටින සිසුන් සඳහා නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2026 ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමටත් නියමිතව ඇත.

2026 සාමාන්‍ය පෙළ විභාගය 2026 දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 17 වැනිදා දක්වාත් පැවැත්වීමට ඒ අනුව සැලසුම් කර තිබේ.

2026 පාසල් විභාග පැවැත්වෙන දින වකවානු නිකුත් කෙරේ by poornima