header logo
SLIC
උණුසුම් පුවත්
මහින්දානන්ද සහ නලින්ගේ ඇප ඉල්ලීම් ඉවතට
Nov 08, 202508:06 AM
මහින්දානන්ද සහ නලින්ගේ ඇප ඉල්ලීම් ඉවතට
Mobitel 1278

කැරම් බෝඩ් නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ පී.එම්.ටී. බන්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ බවය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, අධිකරණය මගින් වරදකරු කළ විත්තිකරුවකු අභියාචනයට යටත්ව ඇප ඉල්ලීමේ දී සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බවයි.

එහෙත් මෙම විත්තිකරුවන් ඉදිරිපත් කළ කරුණු ඇප දීමට තරම් සුවිශේෂී කරුණු නොවන බැවින් ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබේ.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා හැරීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කිරීම තුළින් රජයට රුපියල් මිලියන 53කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ඉකුත් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පවරනු ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවලට වරදකරු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් සහ නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවම් එම අධිකරණය විසින් නියම කළේය.

එම දඩුවම්වලට එරෙහිව විත්තිකරුවන් සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර තිබේ.

එම අභියාචනා විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන විත්තිකරුවන් දෙදෙනා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම ඇප ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්