header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ගාලු මුවදොර අරගලයට පහරදුන් සැකකරුවන් 31ක් හඳුනාගනියි - නීතිපති දැනුම්දෙයි
Nov 04, 202509:29 PM
ගාලු මුවදොර අරගලයට පහරදුන් සැකකරුවන් 31ක් හඳුනාගනියි - නීතිපති දැනුම්දෙයි
Mobitel 1278

2022 වසරේ මැයි මස ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා මෙහිදී දන්වා සිටියේය.

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීම සිදුවූ අවස්ථාවේ එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම නීතිය ක්‍රියාත්මක නොකිරීම තුළින් පොලිසිය ඇතුළු වග උත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 ක් අද කැඳවූ අවස්ථාවේදී රජය නීතිඥවරයා මෙම දැනුම් දීම සිදුකළේය.

මෙම පෙත්සම් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශනවලට අදාළව අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ බව සඳහන් කළේය.

එහෙත් එම අතුරු තහනම් නියෝගය මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බවත් ඒ අනුව ඉදිරි විමර්ශන සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඒ යටතේ මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ළඟදීම අධි චෝදනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් රජයේ නීතිඥවරයා දන්වා සිටියේය.

මෙහිදී අගවිනිසුරුවරයා විසින් රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් එම හඳුනාගත් සැකකරුවන්ට එරෙහිව කුමන නීතියක් යටතේ නඩු පවරනවාදැයි විමසීය.

ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ඉදිරිපත් කරන බවය.

තවදුරටත් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා මෙසේ හඳුනාගත් සැකකරුවන් අතර එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ඇතුළත් වන බවත් පැවසීය.

මෙම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය හටගත් අවස්ථාවේ පොලීසිය අකර්මණ්‍ය ලෙස කටයුතු කිරීම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වූ බව පෙන්වා දෙනු ලැබීය.

ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා කියා සිටියේ සිද්ධිය වූ අවස්ථාවේදී භූමියේ සැලකිය යුතු පොලිස් නිලධාරීන් පිරිසක් සහ ජල ප්‍රහාරක රථ සියල්ල තිබූ බවය.

එහෙත් ඒවා නිසි ලෙස ක්‍රියාවේ යෙදවීමක් සිදු නොවූ බවත් එම කටයුතු පැහැර හැරීම සම්බන්ධයෙන් එවක භූමියේ සිටි ජ්‍යෙෂ්ඨම පොලිස් නිලධාරියා වන එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්‍රම මහතා සඳහන් කර සිටියේ තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ නඩුවක් ගොනුකිරීමට සූදානම් වන අවස්ථාවේ මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දුනහොත් දැඩි අගතියක් සිදුවන බවය.

එම නිසා අපරාධ නඩු කටයුතු සිදුවන ආකාරය විමසීමෙන් පසුව මෙම පෙත්සම් සලකා බැලීම සුදුසු බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ යෝජනා කළේය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය සිදු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබීය.

මෙහි පෙත්සම් කිහිපයක වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අයට එරෙහිව අපරාධ නඩු ගොනු කිරීමක් සිදු නොවන හෙයින් ඔවුන්ට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පවත්වාගෙන නොයාමට ද පාර්ශවකරුවන් අධිකරණය හමුවේ එකඟ වූහ.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් නම්කර තිබුණි.

MostRead
Mobitel 1278
VideoStories
 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්