
එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් නයිට් පදවියෙන් පිදුම් ලබා තිබේ.
වින්ඩ්සර් මාලිගයේ පැවති ගෞරවනීය උත්සවයකදී ඈන් කුමරිය විසින් ඔහුට මෙම වටිනාකම ලබාදී ඇත.
වසර 22ක ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය තුළ ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය අගයමින් එංගලන්ත හිටපු අගමැති රිෂි සුනක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ දී ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවිය ලබාදීම නිර්දේශ කර තිබුණි.
ඒ අනුව මෙම නයිට් පදවිය ලැබීමත් සමග ඔහු ශ්‍රීමත් ජේම්ස් ඇන්ඩර්සන් නැතහොත් සර් ජේම්ස් ඇන්ඩර්සන් ලෙසින් හැඳින්වෙනු ඇත.
මේ වනවිට 43 හැවිරිදි වියේ පසුවන ඇන්ඩර්සන් පසුගිය වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා විට ටෙස්ට් කඩුලු 704ක් බිඳහෙලා සිටියේය.
ඒ අනුව අදටත් ලොව වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් වේග පන්දු යවන්නා ඔහුය.
එමෙන්ම ලොව වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර ඔහු පසුපසින් සිටින්නේ මුත්තයියා මුරලිදරන් (800) සහ ෂේන් වෝන් (708)ට පමණි.





















































