පාකිස්තානයේ වෙළෙඳපොළ ගැන අනාවරණයක්
සයුරෙන් එතෙර

පාකිස්තානයේ වෙළෙඳපොළ ගැන අනාවරණයක්

October 24, 2025   07:09 am

වත්මන් මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී අසල්වැසි රටවල් 9ක් සමග පාකිස්තානයේ වෙළඳ හිඟය සියයට 34.54 කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එය පසුගිය වසරේ එම මාසවල වාර්තා වූ ඩොලර් බිලියන 2.921 සිට ඩොලර් බිලියන 3.93 දක්වා ඉහළ ගොස් ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.

හිඟයේ වැඩිවීම ප්‍රධාන වශයෙන් කලාපීය රටවලට පාකිස්තානයේ සමස්ත අපනයන පහත වැටීමේ ප්‍රතිඵලයක් බව පැවසෙයි.

ශ්‍රී ලංකාවට අපනයනවල සුළු වැඩිවීමක් ද වාර්තා වූ බව ඒම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන අතර බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට නැව්ගත කිරීම් සමාලෝචනයට භාජනය වන කාලය තුළ සෘණ වර්ධනයක් වාර්තා කළ බව පැවසෙයි.