අද දිනයේ දී ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන අයුරු
October 23, 2025 06:59 am
අයහපත් කාලගුණයත් සමඟ දුම්රිය මාර්ගයට ඇතිවූ අවදානම් තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රඹුක්කන - පේරාදෙණිය දුම්රිය ධාවනය අද (23) දින නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
පසුගිය 19 වනදා සවස් කාලයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇදහැලුන දැඩි වර්ෂාව හේතුවෙන් ඉහළ මාර්ගයේ කඩිගමුව-ඉහළ කෝට්ටේ අතර ස්ථාන දෙකකින් සහ ඉහළ කෝට්ටේ - බලන අතර ස්ථාන අටකින් දුම්රිය මාර්ගය දෙපස භූමිය සෝදායාමට හා නායයෑමට ලක්ව තිබුණි.
හානි වූ ස්ථාන දහයෙන් ස්ථාන අටක් යථාවත් කර ඇති අතර තවදුරටත් ඉහළ කෝට්ටේ - බලන අතර ස්ථාන දෙකක් පමණක් මේ වනවිට යථාවත් කරමින් පවතී.
දුම්රිය මාර්ගයට යටින් පස් සෝදාගෙන යාම, අනෙක් සියලුම ස්ථාන යථාවත් කිරීමෙන් පසු දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය දුම්රියන් රැගෙන යාමට සහ තවදුරටත් පවතින අයහපත් කාලගුණය යන හේතුන් මත මෙම ස්ථාන දෙක යථාවත් කිරීම ප්‍රමාද වී ඇත.
ඉහත හේතූන් නිසා ඊයේ (22) දින සම්පුර්ණයෙන් පහත පරිදි මගී දුම්රියයන් අවලංගු කිරීමට කටයුතු කර තිබුණි.
නමුත් අද දින උදෑසන සිට නැවත ධාවනය ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය සේවය දැනුම් දී ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, ඒ අනුව මහනුවර සිට පොල්ගහවෙල සහ මහනුවර සිට කොළඹ කොටුව බලා දුම්රිය 2ක් අද (23) උදෑසන ධාවන කටයුතු ආරම්භ වූ බවය.
අදාළ කාලසටහන පහතින් දැක්වේ.