දින කිහිපයකට පසු යළිත් කොළඹ - නුවර අතර දුම්රිය ගමන්
October 22, 2025 07:33 pm
අයහපත් කාලගුණික තත්ත්වයත් නිසා ධාවනය තාවකාලිකව නතරකර තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමන්වාර කිහිපයක් හෙට (23) සිට යළිත් ධාවනයට එක්කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු යොදා ඇත.
මහනුවර සිට කොළඹ කොටුව හා කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වන දුම්රිය කිහිපයක් මෙලෙස යළි ධාවනයට එක්කර තිබේ.
ඒ අනුව හෙට (23),
පෙ.ව. 4. 30 - මහනුවර සිට කොළඹ කොටුව
පෙ:ව: 5.00 - මහනුවර සිට කොළඹ කොටුව
පෙ.ව. 6.15 - මහනුවර සිට කොළඹ කොටුව
පෙ:ව: 5.55 - කොළඹ කොටුව සිට බදුල්ල
යන දුම්රියන් ධාවනයට එක්කර ඇත.
ඊට අමතරව පෙ:ව: 11.15 සහ දහවල් 12.35ට මහනුවර සිට බදුල්ල බලා දුම්රිය 2ක් ධාවනයට එක්කර තිබේ.
කෙසේ නමුත් පෙ.ව. 7.00ට කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රිය හෙට (23) ධානය නොවේ.