බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 202කට දැවී යති
October 20, 2025 06:49 pm
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (20) පැවැත්වෙන තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පන්දුවාර 48 යි පන්දු 4ක් අවසානයේ දී සියලුදෙනා දැවී ලකුණු 202ක් ලබා ගන්නා ලදී.
එහිදී සටන්කාමී ඉනිමක් දියත් කළ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු 99කදී ලකුණු 85ක් ලබා ගන්නට සමත් වූ අතර නායක චමරි අතපත්තු (46) සමගින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 72ක සබඳතාවක් පවත්වන්නට ද එය දායක වුණි.
මීට අමතරව නිලක්ෂි සිල්වා ලකුණු 37ක් ලබා ගත්තාය. වෙනත් කිසිදු පිතිකාරිනියකට හෝ ලකුණු 10 සීමාව ඉක්මවා යාමට අවස්ථාව නොලැබිණි.
පන්දු යැවීමේ දී බංග්ලාදේශ පිල වෙනුවෙන් Shorna Akter සිය පන්දුවා 10 තුළ දී ලකුණු 27කට කඩුළු 3ක් දවා ගැනීමට සමත්වූවාය.
මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන හයවන තරඟය වන අතර මේ දක්වා කිසිදු තරඟයක් ජයගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිනොවීම ද විශේෂත්වයකි.
පැවති තරග 5න් තරඟ 2ක් පරාජයට පත් වී තරඟ 3ක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විසඳුම් රහිතව නිමා කරන්නට ශ්‍රී ලංකා පිලට සිදුව තිබේ.
මෙය මෙවර කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ 21 වැනි තරගයයි.
තරඟය මුම්බායි හි DY Patil ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.