වේගය වැරදී ගිය ක්‍රිකට් පිටියේ වේගවත්ම පන්දුව
October 20, 2025 05:48 pm
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම පන්දු යැවීම ලෙසින් වාර්තා වන්නේ 2003 වසරේ දී පාකිස්තානය හා එංගලන්තය අතර ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේ දී පාකිස්තානයේ ෂොයිබ් අක්තාර් විසින් යවන ලද පන්දුවකි.
මෙය වේග මාපකයේ පැයට කිලෝමීටර 161.3ක් හෙවත් පැයට සැතපුම් 100.23 ක් ලෙසින් සටහන්ව තිබිණි.
කෙසේවෙතත් ඊයේ (19) ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති එක්දින තරගයේ දී දැකගත හැකි වූ සිත්ගන්නාසුලු කාරණයක් වූයේ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් යැවූ පළමු පන්දුවම, රූපවාහිනි තිරයේ දැක්වෙන වේග මාපකයේ ඉතිහාසගත අගයයක් සනිටුහන් කළ නිසාවෙනි.
එය පැයට කිලෝමීටර 176.5ක් හෙවත් පැයට සැතපුම් 109ක වේගයක් ලෙසින් සටහන් විය.
කෙසේ නමුත් තරග විකාශකයින් පසුව පවසා ඇත්තේ මෙය ග්‍රාෆික (graphics) දෝෂයක් බවත්, සැබෑ ලෙසම එම පන්දුවේ වේගය පැයට කිලෝමීටර 140.8ක් (පැයට සැතපුම් 87 ක් පමණ) විය යුතු බවත්ය.