2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉන්දියාවේදී
October 15, 2025 09:21 pm
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධායක මණ්ඩලය අද (15) තීරණය කර ඇත.
ඒ අනුව ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකට දෙවන වරටත් සත්කාරකත්වය ලබාදීමට ඉන්දියාවට අවස්ථාව හිමිවනු ඇත.
ලොව වඩාත් ජනාකීර්ණම රාජ්‍යයට උරුමකම් කියන ඉන්දියාව අවසන්වරට 2010 වසරේ දී දිල්ලි නගරයේ සත්කාරකත්වය යටතේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් පවත්වා තිබුණි.
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ විශේෂත්වය වන්නේ එම වසරට ක්‍රීඩා උළෙලේ සියවස් සංවත්සරය යෙදී තිබීමය.
ක්‍රීඩා උළෙල 1930 වසරේ දී කැනඩාවෙන් ආරම්භ විය.
ඉන්දියාවට අමතරව නයිජීරියාවේ අබුජා නගරය ද 2030 සත්කාරකත්වය ලබාගැනීමට සූදානම්ව සිටියත්, පසුව ඔවුන් සිය තීරණය ඉවත්කර ගත්තේය.
මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය වසර 5කට පෙර ප්‍රකාශයට පත්කරනු ලබයි.
ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධායක මණ්ඩලය විසින් සිය අවසන් තීරණය නොවැම්බර් 26 වනදා ග්ලාස්ගෝහි පැවැත්වෙන මහා සභා රැස්වීමේදී ප්‍රකාශයට පත්කරනු ඇත.