කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඉතිහාසයේ මුල් වරට රු. ට්‍රිලියන 8 ඉක්මවයි
October 14, 2025 07:07 pm
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් පසුකරමින්, කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම අද (14) දිනයේ දී රු. ට්‍රිලියන 8 සීමාව ඉක්මවා යන ලදී.
මේ අතර සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගයේ වාර්තාව යළිත් වරක් අලුත් කරමින් අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,372.57ක් දක්වා ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 51.49 ක ඉහළ යාමක් වේ.
S&P SL20 දර්ශකය ද දිනය තුළ ඒකක 22.07කින් ඉහළ ගොස් ඒකක 6,229.44ක වසරේ මේ දක්වා උපරිමයට ළඟා වීමට අද දිනයේ දී සමත්විය.
රු. බිලියන 5.74ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනය තුළ වාර්තා විය.