සයුරෙන් එතෙර

නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන තීරණයක් ගන්න ඉන්දීය නියෝජිතයෙකු යුරෝපයට

October 4, 2025   05:25 am

යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ අඛණ්ඩ සාකච්ඡා සඳහා ඉන්දීය නියෝජිතයින් මේ සතියේ බෙල්ජියමේ බ්‍රසල්ස් වෙත පිටත්ව යාමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එම සංචාරයේදී යුරෝපීය කොමිසමේ වෙළෙඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවීමටද සැලසුම් කර තිබේ.

යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර බ්‍රසල්ස් හිදී සාර්ථක මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන බවද ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වාදෙයි.

දෙපාර්ශ්වයටම සාධාරණ සහ සමබර නිදහස් වෙළඳ ගිවිසුමක් අවසන් කළ හැකි වන පරිදි එකිනෙකාගේ අවශ්‍යතා තේරුම් ගනිමින් එක්වී කටයුතු කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වන බවද ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා තවදුරටත් පවසා තිබේ.

වසර අවසන් වීමට පෙර සාකච්ඡා අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වෙයි.