header logo
SLIC
උණුසුම් පුවත්
ශ්‍රී ලංකා නවෝත්පාදන මධ්‍යස්ථානය පිහිටු වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්
Oct 01, 202510:13 PM
ශ්‍රී ලංකා නවෝත්පාදන මධ්‍යස්ථානය පිහිටු වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්
EDEX

ශ්‍රී ලංකාව තුළ RMIT නවෝත්පාදන මධ්‍යස්ථානයක් (Innovation Hub) පිහිටුවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සහ පහසුකම් සැලසීමේ අරමුණෙන් ඕස්ට්‍රේලියානු Royal Melbourne Institute of Technology (RMIT) විශ්වවිද්‍යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) පවත්වා තිබුණි.

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයෙහි (NIRDC) සම්බන්ධීකරණය මත මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

RMIT ශ්‍රී ලංකා නවෝත්පාදන මධ්‍යස්ථානය පිහිටු වීම මගින් දැනට පවතින ඒකාබද්ධ ආචාර්ය උපාධි වැඩසටහන් (Joint PhD) වැඩි ඵලදායීතාවකින් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් සැලසෙනු ඇත.

එමඟින් ශ්‍රී ලංකාව තුළ පවතින අභියෝග හඳුනා ගැනීම, ඒවාට පර්යේෂණ සහ සංවර්ධන (R&D) විසඳුම් ලබා දීම, පර්යේෂණ ප්‍රතිපත්ති සහ ජාතික අවශ්‍යතා සමඟ මෙම වැඩසටහන් සම්බන්ධ කිරීම ආදිය සඳහා අවස්ථාවක් උදා වන අතර, මෙම ක්‍රියාවලිය අවසානයේ එයින් ලැබෙන ප්‍රතිඵල ජනතාව වෙත ගෙන යෑමද අපේක්ෂා කෙරේ.

මෙරට ඒකාබද්ධ ආචාර්ය උපාධි වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම, දේශීය පවතින පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාවලියට ජාත්‍යන්තර පර්යේෂණ සහ සංවර්ධන අත්දැකීම් මුසු කිරීම, RMIT සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල, කාර්මික අංශය සහ රාජ්‍ය ආයතන අතර සහයෝගීතාව පුළුල් කිරීම, නව තාක්ෂණික විසඳුම් ලබා දීම, ව්‍යාපාරික අරමුණු ළඟා කර ගැනීම, නවෝත්පාදන වාණිජකරණය ඉහළ නැංවීම, දේශීය විද්‍යාඥයින්, ගවේශකයින් සහ සිසුන් ඇතුළු පර්යේෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍ර කෙරෙහි උනන්දුවක් දක්වන ප්‍රජාවට ජාත්‍යන්තර ප්‍රවේශය සහ පුහුණු අවස්ථා ලබා දීම, නව ආයෝජන, අරමුදල් සහ පර්යේෂණ ව්‍යාපෘති මගින් මෙරට ආර්ථික, විද්‍යාත්මක සහ තාක්ෂණික ක්ෂේත්‍රවල වර්ධනයට දායක වීම මෙම නවෝත්පාදන මධ්‍යස්ථානය හරහා අපේක්ෂිත ප්‍රතිලාභවන බව සඳහන් වේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, RMIT විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති (Research & Innovation) මහාචාර්ය කැලම් ඩ්‍රමන්ඩ් (Calum Drummond), STEM College නියෝජ්‍ය උප කුලපති (Research & Innovation) මහාචාර්ය සුජීවා සේතුංග, පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා, අධ්‍යක්ෂ (ආයෝජන) ඉඳුනිල් ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට