සයුරෙන් එතෙර
ත්‍රස්තවාදයට එරෙහිව එකමුතුවීමේ අවශ්‍යතාව ඉන්දියාව පහදයි
September 27, 2025 12:53 pm
ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය එකමුතුවක අවශ්‍යතාවය දැඩිව පවතින බව ඉන්දියාව අවධාරණය කරයි.
අමෙරිකාවේ නිව්යෝර්ක්හි පැවති G20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අමතමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් ඒ බව පෙන්වා දී තිබේ.
අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික ආයතනවල හදිසි ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවය.
එබැවින් ලෝකය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට ඉවසීමක් හෝ අනුග්‍රහයක් නොදැක්වීම අත්‍යවශ්‍ය බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
