ඉන්දීය - රුසියා සබඳතා ගැන යුක්‍රේනයෙන් ප්‍රකාශයක්
සයුරෙන් එතෙර

ඉන්දීය - රුසියා සබඳතා ගැන යුක්‍රේනයෙන් ප්‍රකාශයක්

September 25, 2025   10:00 am

රුසියාව සමග යුද්ධයේදී ඉන්දියාව බොහෝ දුරට සිය රට සමග සිටින බව තමා විශ්වාස කරන බව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා තිබේ.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් එක්සත් ජනපදය දිගින් දිගටම කනස්සල්ල පළ කරමින් සිටින පසුබිමකය.

ඒ අනුව සෙලෙන්ස්කි පෙන්වා දී ඇත්තේ ඉන්දියාව වෙනස් කිරීම සඳහා කිසිවක් සිදු නොකළ යුතු බවය.

එමෙන්ම යුක්‍රේන ජනාධිපතිවරයා, ඉන්දියාව සමඟ සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබව ද අවධාරණය කර තිබේ.

යම් ගැටලු පවතින්නේ නම් ඉන්දියාව සමඟ සමීප හා ශක්තිමත් සබඳතා ඇති කරගැනීමත් සමග ඒවාට විසඳුම් ලැබෙනු ඇතැයි ද සෙලෙන්ස්කි පවසා ඇත.