ත්‍රස්තවාදය ගැන ඉන්දියාවේ ස්ථාවරය යළිත් පැහැදිලි කරයි
සයුරෙන් එතෙර

ත්‍රස්තවාදය ගැන ඉන්දියාවේ ස්ථාවරය යළිත් පැහැදිලි කරයි

September 24, 2025   09:41 am

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ආරම්භ වූ ඉන්දු - පාකිස්තාන ගැටුම් සමථයකට පත් කිරීම සඳහා තෙවන පාර්ශ්වයක මැදිහත්වීමක් සිදු නොවූ බව ඉන්දියාව යළි අවධාරණය කරයි.

ඒ අනුව සතිපතා පැවැත්වෙන ජනමාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසුවේ තුන්වන පාර්ශ්වයේ මැදිහත්වීම් සඳහා කිසිදු භූමිකාවක් නොමැතිව ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටලු ද්විපාර්ශ්විකව විසඳා ගන්නා බව යළිත් තහවුරු කරන බවය.

ඔහු පෙන්වා දෙන්නේ පාකිස්තානය ත්‍රස්තවාදයේ තෝතැන්නක් ලෙස දිගටම පවතින ආකාරය ඉන්දියාව නිරීක්ෂණය කරන බවය.

ඒ පිළිබඳව ලෝකය ද හොඳන් දන්නා බව ඉන්දියාවේ මතය පැහැදිළි කරමින් ජයිස්වාල් පවසයි.

ඉන්දු - පාකිස්තාන අර්බුදය විසඳීම සඳහා තමන් මැදිහත් වූ බවට අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සතියේ යළිත් සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුව ඉන්දියාව මෙම පැහැදිලි කිරීම සිදුකර තිබීම විශේෂත්වයකි.