ජයගත්පුර වෙරළ තීරයට නිරුවත් මළ සිරුරක් ගොඩගසයි

ජයගත්පුර වෙරළ තීරයට නිරුවත් මළ සිරුරක් ගොඩගසයි

September 22, 2025   12:01 pm

මොරටුව - එගොඩඋයන පොලිස් බල ප්‍රදේශයේ මෝදර, ජයගත්පුර වෙරළ තීරයට අද (22) උදෑසන නිරුවත් මළ සිරුරක් ගොඩගසා තිබේ.

එගොඩඋයන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයා ගෙන ඇත.

කෙසේවෙතත් මිය ගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය පැවසුවේය.

එමෙන්ම අදාළ පුද්ගලයා වයස අවුරුදු 50ත් 60ත් අතර සීමාවක පසුවන්නෙකු බවට පොලීසිය සැක පළ කරන්නේය.