කම්කරු අමාත්‍යාංශයේ ජංගම සේවා සතිය අද සිට

කම්කරු අමාත්‍යාංශයේ ජංගම සේවා සතිය අද සිට

September 22, 2025   07:34 am

කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ජංගම සේවා සතිය අද (22) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

එම අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන අද පෙරවරු 9.00 සිට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී ආරම්භ වීමට නියමිත බවය.

අමාත්‍යාංශය පැවසුවේ අද ආරම්භවන සමාරම්භක වැඩසටහනින් පසු දිවයින පුරා මෙම ජංගම සේවා සතිය ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවය.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ ගැටලු විසඳීම, රැකියා පොළ හරහා රැකියා අවස්ථා ලබා දීම, නීති උපදෙස් සහ මග පෙන්වීම ඇතුළු කම්කරු අමාත්‍යාංශයට අයත් බොහෝ සේවාවන් මේ තුළින් ලබා ගත හැකි බවද එම අමාත්‍යාංශය පැවසීය.