බංග්ලාදේශයට ලකුණු 169ක ඉලක්කයක්
September 20, 2025 09:45 pm
ආසියානු කුසලාන විස්සයි20 ක්රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙයි.
එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ නායක ලිටන් දාස් සමත් වූ අතර ඔහු පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ඒ අනුව ප්රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් විය.
එහිදී දසුන් ශානක පන්දු 37කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 64ක් රැස් කළේය.
එමෙන්ම කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 22ක් ලබා ගැනීමට සමත් විය.
පන්දු යැවීමේ දී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mustafizur Rahman කඩුළු 3ක් දවා ගත් අතර Mahedi Hasan කඩුළු 2ක් සහ Taskin Ahmed එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.