සයුරෙන් එතෙර

පාකිස්තානයේ බෝම්බ පිපිරීම් දෙකක්

September 20, 2025   11:34 am

පාකිස්තානයේ සිදුවූ කාර් බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන් පළමු ප්‍රහාරය සිදුවූයේ බලොචිස්තාන් පළාතේය.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ආරක්ෂක රථ පෙළකට වාහනයක් ගැටීමට සැලැස්වීමෙන් පිපිරවීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.  

එම ප්‍රහාරයෙන් ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු මිය ගිය අතර තවත් 23 දෙනකු තුවාල ලැබූ බවද පොලීසිය පැවසීය.

පැය කිහිපයකට පසු, නිරිතදිග ඇෆ්ගනිස්ථාන දේශසීමාව අසල තවත් කාර් බෝම්බයක් පුපුරා ගිය අතර, එයින් හය දෙනෙකු මිය ගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාර සම්බන්ධයෙන් කිසිදු කණ්ඩායමක් වගකීම භාරගෙන නොමැත.
 



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.