පලස්තීන ජනපතිට අමෙරිකාවෙන් කුඩම්මාගේ සැලකිලි
September 20, 2025 11:20 am
එක්සත් ජාතීන්ගේ 80 වැනි රාජ්‍ය නායක සමුළුව ලබන සතියේ අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා සහභාගිවීමට නියමිත පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් ට වීසා ලබාදීම අමෙරිකාව ප්‍රතික්ෂේප කළේය.
කෙසේවෙතත් එම සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතීමට ඔහුට හැකියාව ලබාදෙන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල බහුතර ඡන්දයෙන් සම්මත කරගෙන ඇත.
මෙම සමුළුවේ දී පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමටද සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.