එජාප 79වන සංවත්සරය අද
September 20, 2025 10:12 am
එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර උත්සවය එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වේ.
ඒ මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසු ප්‍රසිද්ධ උත්සවයකට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.
"ඔබේ මතය ඔබ දරන්න - ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න එකට සිටගමු" මැයෙන් මෙම සංවත්සරය ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී පැවැත්වේ.
මෙම සැමරුම් උත්සවයට විපක්ෂයේ පක්ෂ රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් එක්ව සිටීම විශේෂත්වයක්.
ඒ අනුව මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහලේකම් සාගර කාරියවසම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් එක්ව සිටියි.
අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ ඩී.එස්.සේනානායක මහතා ඇතුළුව මෙරට දිවංගත කෘතහස්ත දේශපාලන නායකයින්ට පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී සිදු කෙරුණි.