'2025 දෙරණ - ලක්ස්' සිනමා සම්මාන උලෙළ - ජයග්‍රාහකයින්
September 20, 2025 10:09 am
'2025 දෙරණ - ලක්ස්' 10වන දෙරණ සිනමා සම්මාන උළෙල කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ඊයේ (19) පැවැත්විණි.
මෙරට ජනප්‍රිය කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සිනමා සම්මාන උළෙලේ දී 2024 වසරේ දී තිරගත වූ සිනමාපටයන් හි දක්ෂතා දැක්වූවන් ඇගයීමට ලක් කළේය.
ඒ අනුව 'විසල් ආදරේ' චිත්‍රපටයට රංගනයෙන් දායක වූ රශිප්‍රභා සන්දීපනී හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබීය.
එමෙන්ම 'සිහින නෙළුම් මල්' චිත්‍රපටයේ දී දැක් වූ රංගනය වෙනුවෙන් හේමාල් රණසිංහ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේය.
ඊට අමතරව දූස්රා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ චන්න දේශප්‍රිය හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස සම්මානයේ පිදුම් ලැබීය.
එමෙන්ම එම චිත්‍රපටය හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ද දිනා ගත්තේය.
ඊට අමතරව මෙරට සිනමාව වෙනුවෙන් කළ කැපකිරීම අගයමින් විශේෂ සම්මානයක් ප්‍රධානය කළේය.