කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට
September 18, 2025 07:33 pm
ආසියානු කුසලාන විස්සයි20 ක්රිකට් තරගාවලියේ තීරණාත්මක ශ්රී ලංකා - ඇෆ්ගනිස්තාන තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායක රශිඩ් ඛාන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
තරගය අබුඩාබිහිදී රාත්රී 8ට ආරම්භවීමට නියමිතය.
'බී' කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය පැවැත්වේ.
මෙතෙක් පැවති තරග අනුව ශ්රී ලංකා කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.
ඒ අනුව මෙම තරගය පරාජය වුවත්, ශ්රී ලංකාව තරගාවලියෙන් ඉවත්වීමට ඇති හැකියාව සීමා සහිතය.
කෙසේ නමුත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ පසුවන හෙයින් මෙම තරගයෙන් පරාජය වුවහොත් ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ.
එසේ වුවහොත් ශ්රී ලංකාව සමගින් බංග්ලාදේශය සුපිරි 4දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනු ඇත.