header logo
Vallibel FD
උණුසුම් පුවත්
මාරක අනතුරු වැලක් - ජීවිත 06ක් අහිමිවෙයි
Sep 03, 202508:59 AM
මාරක අනතුරු වැලක් - ජීවිත 06ක් අහිමිවෙයි
Mobitel 1278

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 06කින් අවුරුදු 08 කුඩා දැරියක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (02) එම අනතුරු සිදුව තිබුණේ පොල්ගහවෙල, රත්නපුර, කටුනායක, එරාවුර්, කුලියාපිටිය සහ හලාවත පොලිස් වසම්වලින්ය.

කුලියාපිටිය - හෙටිටිපොළ මාර්ගයේ, ගොමුගමුව මංසන්දිය ආසන්නයේදී හෙට්ටිපොළ දෙස සිට පැමිණි ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදි දෙකක ගැටී තිබුණි.

සිද්ධියෙන් යතුරුපැදි දෙකේ සිටි පුද්ගලයින් සිව්දෙනා තුවාල ලැබීය.

එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට සහ කුරුණැගල ශික්ෂණ රෝහලට මාරුකෙරුණි.

එහිදී කුරුණෑගල ශික්ෂණ රෝහලට යොමුකෙරුණු තුවාලකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණි.

කුලියාපිටිය පොලිසිය විසින් ටිපර් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පොල්ගහවෙල - කෑගල්ල මාර්ගයේ පොල්ගහවෙල දෙසට ධාවනය වූ යතුරුපැදියක පසුපස එම දිශාවටම ගමන් කල පුද්ගලික බස් රථයක් ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදියේ පසුපැදිකාරියව සිටි දැරියක් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, ඉඹුල්ගස්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි 08 හැවිරිදි දැරියකි.

මේ අතර රත්නපුර - පානදුර මාර්ගයේ රත්නපුර දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු හා එහි ගමන් ගත් කාන්තාවක් රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 82 හැවිරිදි කාන්තාව මියගොස් ඇත.

මේ අතර කටුනායක පොලිස් වසමේ ආඩිඅම්බලම කිඹුලාපිටිය මාර්ගයේ කිඹුලාපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයකු ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පදිකයා සහ යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදිකයා මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර එරාවුර් පොලිස් වසමේ කලුවන්කේණි දුම්රිය හරස් මාර්ගයේදී මඩකලපුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියක යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 26 ක් වූ කළුවන්කේණි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර පුත්තලම - හලාවත මාර්ගයේ කොට්ටපිටිය හන්දිය ආසන්නයේදී හලාවත දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා සහ යතුරුපැදිකරු හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදිකයා මියගොස් ඇත.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්