යාපනයේ ඉදිකෙරෙන නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ජනපති මුල්ගල තබයි
September 1, 2025 04:38 pm
යෝජිත යාපනය නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුල්ගල තබා තිබේ.
ඉන් අනතුරුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවක් සඳහා ද ජනාධිපතිවරයා එක්වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දී තිබුණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන් කිහිපයක් සඳහා සහභාගි වී තිබුණි.