header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රාජිත 9 දක්වා රිමාන්ඩ්
රාජිත 9 දක්වා රිමාන්ඩ්
Mobitel 1278

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාකාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ මහතාව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සැකකාර රාජිත සේනාරත්න මහතා ලබන 03 වනදා පෙරවරු 9.00ට අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.

කොළඹ මහාධිකරණයේ නියෝග මත රිමාන්ඞ් භාරයට ගන්නා ලද සැකකාර රාජිත සේනාරත්න මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම නඩුකරය අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ 2013 වසරේ ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව සඳහන් කළාය.

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර ඒවා පිරිසිදු කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් කොරියානු "සී වූ" සමාගම වෙත පැවරීමට මෙම සැකකරු කටයුතු කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් කර තිබු බවත් සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැවසුවාය.

පොදු මූල්‍ය රෙගුලාසිවලට අනුව මෙවැනි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවකින් අනුමැතියක් ලබාගෙන එය යම් සමාගමකට පවරනවාද? නැද්ද? යන්න තීන්දු කරනු ලබන්නේ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් බව පෙන්වා දුන් සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය එහෙත් මෙම සැකකරු විෂය භාර අමාත්‍යවරයා වශයෙන් නීත්‍යානුකූල අනුමැතියෙන් ලබා ගැනීමකින් තොරව "Approved" යනුවෙන් සඳහන් කරමින් අනුමැතිය ලබාදී ඇති බවත් සඳහන් කළාය.

මෙවැනි ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදීමට පෙර පාරිසරික අධ්‍යයන ඇගැයීම් වාර්තා මෙන්ම ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගත යුතු වුවත් මොහු විෂය භාර අමාත්‍යවරයා වශයෙන් සිය නිලබලය අයුතු ලෙස පරිහරණය කරමින් අත්නෝමතික මෙන්ම තනි කැමැත්තට කටයුතු කරමින් මෙම ව්‍යාපෘතිය අදාළ කොරියානු සමාගම වෙත පැවරීමට කටයුතු කර ඇති බවත් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දුන්නාය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසුව අදාළ කොරියානු සමාගමට එය ක්‍රියාත්මක කිරීම සඳහා මූලික පහසුකම් නොතිබූ බවත් අවසානයේදී ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව තිබූ වැලි කැණීම් සඳහා යොදා ගන්නා "වැලි ගෝව්වා" නැමති නෞකාවත් එම සමාගම වෙත ලබාදීමට කටයුතු කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවත් ඇය පෙන්වා දුන්නාය.

මේ තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වූ බවත් ඇය කියා සිටියාය.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජූලි මස දෙවනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මෙම සැකකරුට දැනුම්දීම් සිදුකළත් ඔහු අසනීප බව සඳහන් කරමින් කොමිසම හමුවට නොපැමිණි බවත් වෛද්‍ය වාර්තාවක් වෙනුවට ඔහු විසින් බෙහෙත් වට්ටෝරුවක් කොමිසමට එවා තිබූවත් ඇය කියා සිටියාය.

ඉන් අනතුරුව ඔහු විසින් අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් කොළඹ මහෙස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එය මහෙස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළ බවත් පසුව ඔහු එම තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ බවත් සහකාර අධ්‍යක්ෂ ජෙනරල්වරිය පෙන්වා දුන්නාය.

එම ප්‍රතිශෝධන පෙත්සමට අදාළව මහාධිකරණය විසින් නොතීසි පමණක් නිකුත් කළ අතර සැකකරු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් කිසිදු අතුරු නියෝගයක් නිකුත් නොකළ බව ඇය අධිකරණයට පෙන්වා දුන්නාය.

ඉන් අනතුරුව මෙම සැකකරු විමර්ශනවලට සහාය නොවී මඟහරිමින් සිටින නිසා අගෝස්තු මස 12 වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙතින් වරෙන්තුවක් ලබාගත් බවත් ඇය සඳහන් කළාය.

සැකකරු කොමිසම හමුවට පැමිණ ප්‍රකාශ ලබාදීම වෙනුවට කොමිසම සහ අධිකරණය මඟහරිමින් ඔහුගේ පුත්‍රයා සහ වෙනත් සහාය දක්වන පිරිස් ලවා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළ බවත් මේ හේතුවෙන් විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවත් ඇය කියා සිටියේය.

ඒ අනුව මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයෙන් ඉල්ලීම් කළාය.

ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව ඔහු රැඳී සිටි බව ස්ථාන පහක් පරීක්ෂාවට ලක් කළත් ඔහු සොයා ගැනීමට නොහැකි බවය.

මෙම කටයුතු සිදුකරන අතර වාරයේ සැකකරු විසින් වෛද්‍ය බෙල්ලන මහතාගේ වාර්තාවක් කොමිසම වෙත එවා තිබූ බවත් එම නිලධාරියා පැවසුවේය.

ඉන් අනතුරුව සැකකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අධිකරණය මඟ හරිමින් කටයුතු කළ බවට අල්ලස් කොමිසම විසින් එල්ල කරන චෝදනා, තරයේ ප්‍රතික්ෂේප කරන බව කියා සිටියේය.

සිය සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා ජූලි මස 2 වනදා අල්ලස් කොමිසම හමුවට ගොස් ප්‍රකාශ ලබාදීමට නොහැකි වූ බවත් ඔහු ඒ බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

යම් පුද්ගලයෙකු අපේක්ෂිත ඇප ඉල්ලා සිටීම නීතියෙන් ඔහුට පැවරී ඇති අයිතිවාසිකමක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම අයිතිවාසිකම භුක්ති විඳීම අධිකරණය මඟ හැරීමක් ලෙස ප්‍රකාශ කළ නොහැකි බවත් පැවසුවේය.

විමර්ශනවලට අවශ්‍ය යම් පුද්ගලයෙකු අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණය මඟ හැරීමක් ලෙස අර්ථ කථනය කරනවා නම් ඇප පනත අවලංග කළ යුතු බව ඔහු කියා සිටියේය.

ප්‍රශ්නගත මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබා දෙන අවස්ථාවේදී ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් අනුමැතිය ලබාගත යුතු බවට නීතියක් නොපැවැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙය වසර දොළහකට පමණ පෙර ආරම්භ වූ විමර්ශනයක් බවත් මෙම සැකකරු සාක්ෂිකරුවන්ට තර්ජන හෝ බලපෑම් කළ බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත් සඳහන් කළේය.

ඉකුත් ජුනි මස 27 වන දායින් පසු ඉදිරිපත් කළ බී වාර්තා කිසිවක අලුතින් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන නොමැති අතර මේ තුළින් ඒම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී ඇති බව මනාව පැහැදිලි වන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන මේ වනවිට අවසන් වී ඇති බැවිනුත් සැකකරු සාක්ෂිකරුවන්ට තර්ජන හෝ බලපෑම් සිදුකර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති නිසා ඔහු ඕනෑම කොන්දේසියක් සහිතව ඇප මත මුදා හරින්නැයි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.

දෙපාර්ශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත‍ෙවරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් "සැකකරුවකුට නීතියෙන් නියම කර ඇති අයිතිවාසිකම් භුක්ති විඳීමට හැකියාව තිබෙනවා. ඒ අයිතිවාසිකම අධිකරණය පිළිගන්නවා. නමුත් මෙම සැකකරු මුල් අවස්ථාවේ සිට මේ දක්වා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට නොමැති බව අධිකරණයට පෙනී යනවා. ඔහු විමර්ශනයවලට සහාය ලබා නොදීම නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ පස්වන පරිච්ඡේදය යටතේ පියවර ගැනීමට අල්ලස් කොමිසමට සිදු වී තිබෙනවා. මෙම වාතාවරණය යටතේ සැකකරුට ඇප ලබා දුනහොත් විමර්ශන කටයුතුවලට සහාය ලබාදෙනු ඇතැයි විශ්වාස කරන්න බැහැ. එසේ වූවොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බව පෙනී යනවා" යනුවෙන් සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි