වනඅලි ආරක්ෂා කරන්න වනජීවි දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්
August 23, 2025 04:24 pm
වනඅලි බහුල වශයෙන් වෙඩි වැදීම්වලට ලක්වන්නේ බදින තුවක්කු හේතුවෙන් බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.
රක්ෂිත ප්‍රදේශවල සතුන් දඩයම් කිරීම සදහා බදින තුවක්කු බහුල වශයෙන් භාවිත කරන අතර එලෙස භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාවට වනජීවි දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට හැකියාව පවතියි.
ඒ අනුව 1992 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ජනතාවට ඒ සම්බන්ධ තොරතුරු ලබා දිය හැකියි.
එලෙස තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ද එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.
මේ අතර මේ විට තුවාල ලැබූ වනඅලි 06 දෙනෙකුට පමණ වනජීවි දෙපාර්තමේන්තුව මගින් ප්‍රථිකාර සිදුකරන බව සදහන් වේ.