අම්බලන්ගොඩ සහ නවගමුවේ රථ වාහන සීමා කිරීමක්

අම්බලන්ගොඩ සහ නවගමුවේ රථ වාහන සීමා කිරීමක්

August 15, 2025   03:06 pm

අම්බලන්ගොඩ සහ නවගමුව ඇසළ මහා පෙරහර වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මෙවර අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ මහා පෙරහර අද (15) දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා ද හෙට (16) රාත්‍රී 9 සිට අලුයම 3 දක්වා ගාල්ල කොළඔ ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය

මේ අතර නවගමුවේ පුරාණ මහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හෙට (16) අනිද්දා (17) යන දෙදින පැවැත්වේ.

මෙය අවිස්සාවේල්ල කොළඔ පරණ පාරේ හෙට (16) රාත්‍රී 9 සිට අලුයම 2.30 දක්වාත්, අනිද්දා (17) පෙ.ව. 6 සිට දහවල් 2 දක්වාත් වීථි සංචාරය කිරීමට නියමිතය.

ඒ හේතුවෙන් එම මාර්ගයේ වෙලේ හංදිය හා රණාල හංදිය වසා තැබීමට කටයුතු කරන අතර, ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන බව  පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය