ඉල්මනයිට් සේදීමේ ස්ථානය පොලිස් භාරයේ තැබීමට නියෝග
August 11, 2025 08:05 pm
විල්පත්තුව මායිමේ පිහිටි අරුවක්කාඩුවේ ඉල්මනයිට් සේදීමේ ස්ථානයේ ඉදිරි විමර්ශන සිදුවන තුරු එම ස්ථානය පොලිස් භාරයේ තබා ගන්නා ලෙස පුත්තලම දිසා විනිසුරු මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා අද (11) නියෝග කළේය.
එම ප්‍රදේශයේ අධි සංවේදී පරිසර පද්ධතියක් තුළ නිසි නීත්‍යානුකූල අවසරයකින් තොරව පවත්වාගෙන ගිය ඉල්මනයිට් සේදීමේ ස්ථානය සම්බන්ධයෙන් පුත්තලම අධිකරණය හමුවේ කරුණු වාර්ථා කිරීමේන් අනතුරුවය.
අදාළ ඉල්මනයිට් සේදීමේ දේශීය සමාගම විසින් පරිසරය වනසමින් භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයේ නිසි අවසරයකින් තොරව මෙන්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දුන් නියෝගද පැහැර හරිමින් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බලකාය විසින් පසුගියදා වටලනු ලැබීය.
මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බළකාය පැවසුවේ ඉල්මනයිට් සේදීම හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් සිදුව ඇති බවය.
මෙම දේශීය සමාගම විසින් භු විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයෙන් නිසි අවසරයක් ලබා ගෙන නොමැති බවත්, එසේ තිබියදී දැවැන්ත ජලාශයක් ඉදිකර ඒ සමගම තවත් ජලාශ හතරක් ස්ථාන හතරක ඉදි කරමින් බරපතළ පරිසර හානියක් කර ඇති බවත් වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බලකායේ පොලිස් පරික්ෂක ආර්.ඒ.ජනිත කුමාර මහතා අධිකරණය හමුවේ කරුණු දැක්විය.
මෙහිදී අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු පිළිබදව අදාළ දේශීය සමාගම වෙනුවෙන් පෙනි සිටි නිතිඥ මඩුල්ල ප්‍රශ්ණ කිරීමක් සිදු නොවු අතර එම නිතිඥ මඩුල්ලේ විසින් අධිකරණය හමුවේ පවසා සිටියේ මෙම ස්ථානයට අවස්ථා ගනනාවකදී භු විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයෙන් බලපත්‍ර ඉල්ලා සිටියද එය ලබා නොදිම සම්බන්ධව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවය.
මෙම කරුණු සියල්ල සලකා බැලු පුත්තලම දිසා විනිසුරු මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බළකාය අදාළ විමර්ශන අවසන් වන තුරු මෙම ස්ථානය පොලිස් භාරයේ තැබිමට නියෝග කළේය.
එමෙන්ම මේ සම්බන්ධව ලබන සැප්තැම්බර් 11 දින යළි නඩුව කැඳවිමටද නියෝග කෙරුණි.