වසරක් තුළ මාර්ග අනතුරු මරණ නැති හෙල්සින්කි නගරය
August 10, 2025 05:29 pm
2024 වසරේ ජූලි මාසයේ සිට මේ වසරේ ජූලි මාසය දක්වා වසරක කාලය තුළ මාර්ග අනතුරු හේතුවෙන් කිසිදු මරණයක් සිදුනොවූ නගරය ලෙස වාර්තාවක් තැබීමට ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවර සමත්ව තිබේ.
එම නගරය තුළ ලක්ෂ 7කට ආසන්න පිරිසක් වාසය කරන අතර මීට පෙර වසර කිහිපයක් පුරාම එම නගරය තුළ මාර්ග අනතුරු හේතුවෙන් සිදුවූ මරණ පැවතියේ 10ට අඩු සංඛ්‍යාවකි.
කෙසේ වෙතත් වාර්තාව පිහිටුවා දින කිහිපයකින් පසු නගර සීමාව තුළ පාපැදි 2ක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 70 වියැති පුද්ගලයෙකු මිය ගොස් ඇත.