අභ්‍යවකාශගාමී ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වෙයි
August 9, 2025 03:34 pm
ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමීන් අතලොස්සෙන් එක් අයෙකු වූ අමෙරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබේ.
1928 වසරේ දී උපත ලබා ඇති ඔහු මිය යනවිට 97වන වියේ පසුවිය.
1968 සිදුකළ අපොලෝ 8 මෙහෙයුම යටතේ සඳට පියාසර කර කක්ෂගත වූ පළමු ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු ද වන ලොවෙල්, 1970 ක්‍රියාත්මක වූ අපොලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ.
ඒ අනුව දෙවරක් සඳ වෙතට ගිය පළමු මිනිසා ද ඔහු වෙයි. කෙසේ වෙතත් ඒ කිසිඳු අවස්ථාවක ඔහු සඳ මතට ගොඩබැස නොමැත.
එමෙන්ම ලොවෙල් යනු සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමියා ද වෙයි.