සාගතයෙන් මිය යන ගාසාහී දරුවන් ගණන ඉහළට
August 3, 2025 01:54 pm
ගාසා තීරය තුළ පවතින ආහාර හිඟය සහ ඒ හේතුවෙන් ඇතිවී තිබෙන සාගත තත්ත්වය හේතුවෙන් මීට පෙර සිදු නොවූ ප්‍රමාණයකින් කුඩා දරුවන් මිය යමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ ටෙඩ් චයිබන් පැවසුවේ ගාසා තීරය තුළ පුළුල්ව ව්‍යාප්තව පවතින මෙම සාගත තත්ත්වය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව කඩිනම් පියවර ගත යුතුව ඇති බවය.
ගාසා තීරයේ සහ ඊශ්‍රායලයේ සංචාරයකින් අනතුරුව අමෙරිකාවේ නිව්යෝක් නගරයේ පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ ආහාර ද්‍රව්‍ය, කිරිපිටි සහ සනීපාරක්ෂ ද්‍රව්‍ය රැගත් ට්‍රක් රථ 1,500කට ආසන්න සංඛ්‍යාවක් ගාසා තීරය වෙත යැවීමට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මේ වන විට සූදානම් කර ඇති නමුත් එම කළාපයට ඇතුලු වීමට අවසර ලැබී ඇත්තේ සීමිත ට්‍රක් රථ සංඛ්‍යාවකට පමණක් බවය.
එය පවතින ඉල්ලුමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ද නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂවරයා පවසුවේය.