ගල්කිස්ස ඝාතනයේ සැකකරුවන් ප්‍රදේශයෙන් පළායයි
August 2, 2025 07:47 pm
ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට අදාළ සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලිසිය සඳහන් කළේය.
මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඊයේ (01) සවස් කාලයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා බරපතළ තුවාල සහිතව ලුනාව රෝහලට ඇතුලත් කර තිබුණි.
ගල්කිස්ස පොලීසිය සඳහන් කළේ, තුවාලකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු ලුනාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කෙරුණු බවත් ය.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් වන අතර එහිදී මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි වැඩිමහල් සොහොයුරා ය.
එම පහරදීමෙන් තුවාල ලැබූ පහලොස් හැවිරිදි පාසල් සිසුවාද මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.
පාසලක එකම පන්තියේ ඉගෙනුම ලබන මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් පිළිබඳ විමසීම සඳහා පාසල් සිසුවා සිය වැඩිමහල් සොහොයුරාද සමඟින් අදාළ නිවසට ගිය අවස්ථාවේදී ඇති වූ ගැටුමකින් මෙම ඝාතනය සිදුව ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.