රුපියල් ලක්ෂ 10ක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 10ක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

August 2, 2025   03:47 pm

පානදුර - ආදම් පොරස් ප්‍රදේශයේ බොල්ගොඩ ගඟ ආසන්නයේ දී රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු මිලිගෑම් 15,000ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 50,000ක් පොලිසිය සිය භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර පොදු සේවා මාවතේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

පොලීසියට ඇති වූ සැකයක් මත මෙම පුද්ගලයා පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.

අදාළ පුද්ගලයා ඉනේ සඟවාගෙන සිටි, ඉතා ආරක්ෂිත ලෙස ගම්ටේප් ඔතා සැකසූ වීදුරු බෝතලයක් තුළ මෙම මත්ද්‍රව්‍ය සඟවා තිබූ බව පොලීසිය පැවසුවේය. 

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු පෙදරේරුවකු වශයෙන් පෙනී සිටමින් මෙම මද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.