පොලීසියේ විශේෂ සෝදිසි මෙහෙයුම් ඊයේත්
August 2, 2025 03:03 pm
අපරාද, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා සැකකටයුතු පුද්ගලයන් හා රථවාහන අත්අඩංගුවට ගැනීමේ විශේෂ සෝදිසි මෙහෙයුමේ තවත් අධියරක් ඊයේ (01) දිනයේදීද පැවැත්විණි.
රටතුළ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා මෙහෙයුම් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ සෘජු අධීක්ෂණයත් වැඩබලන පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාගේ මෙහෙයවීමත් මත ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාවත් එක්ව දෛනිකව සිදු කෙරෙමින් පවතී.
ඒ අනුව ඊයේ දිනය පුරා ශ්‍රී ලංකා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බළකායත් ත්‍රිවිධ හමුදාවත් එක්ව සිදුකළ විශේෂ වැටලීම්වලදී හෙරොයින් සම්බන්ධව පුද්ගලයින් 161 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම අයිස් සම්බන්ධව පුද්ගලයින් 161 දෙනෙකුද ඇතුළත්ව නොයෙකුත් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව පුද්ගලයින් 488 දෙනෙකු පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම 2025 ජනවාරී මස 01 වැනි දින සිට අගෝස්තු මස 01 වැනි දින දක්වා වූ මාස 07ක කාලය තුළදී පමණක් හොරොයින් කිලෝ 930.12ක ප්‍රමාණයක් ද හොරායින් වැරදි සම්බන්ධව පුද්ගලයින් 37,251 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම මෙම කාලය තුළදී පමණක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1398.499 ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ගතවූ මාස 07ක කාලය තුළදී පුද්ගලයින් 45,111ක් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද අත්අඩංගුවට ගෙන ඇත.
තවද මෙම මාස 07 කාලය තුළදී ගංජා සම්බන්ධළු පුද්ගලයින් 40,404 ප්‍රමාණයක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී කිලෝ 11.438ක ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.