මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත චීන ජාතිකයෙකු අත්අඩංගුවට
August 2, 2025 02:32 pm
මෙරට සිටින චීන ජාතිකයන්ට රාත්‍රී සමාජ ශාලාවල හා කැසිනෝ ශාලාවල අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන ප්‍රධාන පෙළේ ජාවරම්කරු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බම්බලපිටියේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා දිගු කලක සිට මෙරට නීතිවිරෝධීව රැඳී සිටින චීන ජාතිකයෙකු බව පොලීසිය පැවසීය.
චීන ජාතිකයන්ට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ කොළඹ දකණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ෂනයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට හැකිව තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා විටත් ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50කට අධික ප්‍රමාණයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
මාලදිවයින් ජාතිකයෙකුගෙන් හා ලාංකිකයෙකුගෙන් තමා මත්ද්‍රව්‍ය ලබාගන්නා බවත්, ඒවා රාත්‍රී සමාජශාලාවලට හා කැසිනෝ ශාලාවලට පැමිණෙන චීන ජාතිකයන්ට අලෙවිකරන බවත් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේ.
2019 වසරේ දී මෙරටට පැමිණ ඇති මෙම චීන ජාතිකයා මේ දක්වා මෙරට තුළ රැඳී සිට ඇත්තේ ද නීතිවිරෝධීවය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රඳවා තබා ප්‍රශ්න කිරීමට නියමිතය.