බොරැල්ලේ මාරක අනතුරක් - අයෙක් මරුට - 5කට වැඩි පිරිසකට තුවාල

බොරැල්ලේ මාරක අනතුරක් - අයෙක් මරුට - 5කට වැඩි පිරිසකට තුවාල

July 28, 2025   08:32 am

බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයින් පස්‍දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවූ දොඹකරයක් යතුරුපැදි 07ක සහ මෝටර් රථ 03ක ගැටී මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.