ජනපති අද මාලදිවයිනට
July 28, 2025 07:02 am
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්වයාමට නියමිතව තිබේ.
මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයක් මත ලබන 30 වැනිදා දක්වා ජනාධිපතිවරයා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයේ නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිත බව සඳහන්ය.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට අදාළව 60 වැනි සංවත්සරය මෙම වසරේදී සමරනු ලබන අතර ජනාධිපතිවරයාගේ මාලදිවයින් රාජ්‍ය සංචාරය දෙරටටම වැදගත් වනු ඇත.
සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ව්‍යාපාරික සංසදයක් ඇමතීමට සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
ජනාධිපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ඒ සඳහා සහභාගීවීමට නියමිතව තිබේ.