කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 38ක් මරුට
July 27, 2025 07:26 pm
කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් 38 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධය පවසයි.
කැරලිකරුවන් පිරිසක් විසින් ගිනිඅවි සහ සහ තියුණු ආයුද භාවිතා කරමින් මෙම ඝාතනයන් සහ පහරදීම සසිදුකර ඇති බව වාර්තාවේ.
එමෙන්ම තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.
ISIS සමඟ සබඳතා ඇති ADF නැමැති කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති අතර ඔවුන් නිරන්තරයෙන් සිවිල් ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර තිබේ.