ජපාන ක්‍රිකට් කණ්ඩායම අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
July 26, 2025 03:07 pm
ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව ඇත.
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියා - පැසිෆික් කලාපීය තරගාවලියට පෙර සූදානමක් ලෙස ඔවුන් මෙම සංචාරය සිදුකරනු ලබයි.
මේ සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය නැගීඑන හා 19න් පහළ ක්‍රීඩකයින්ගේ එකතුවක් නම් කිරීමට නියමිතව ඇති බව සඳහන්.
අගෝස්තු මස 2වනදා සිට 10වනදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය විස්සයි20 තරග 7කින් සමන්විත වේ.
ඉන් තරග 5ක් මග්ගොනදී ද, තරග 2ක් කොළඹදී ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ආසියා - පැසිෆික් කලාපීය තරගාවලිය මෙම වසරේ ඔක්තෝබර් 8වනදා සිට 17වනදා දක්වා ඕමානයේ දී පැවැත්වේ.
මේ සඳහා ජපානය ඇතුළු කණ්ඩායම් 9ක් සුදුසුකම් ලබා සිටින අතර, ඔවුන් මූලික වටයේ 'B' කාණ්ඩයෙන් තරගවැඳීමට නියමිතව ඇත.
එම කාණ්ඩයට කුවෙට් හා නේපාලය ඇතුළත්ව සිටියි.
මීළඟ විස්සයි20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ 2026 වසරේ පෙබරවාරි හා මාර්තු මාසයන්හිදී පැවැත්වීමට නියමිතව ඇත.
ජපානය වත්මන් විස්සයි20 ශ්‍රේණිගත කිරීම් හි ලොව 43වන ස්ථානයේ රැඳී සිටියි.
ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම ඉකුත් 2023 වසරේ දී ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායම සමගින් එරට තරග සංචාරයක නිතර වූ අතර, එවරද තරග 4-0ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.
එහි එක් තරගයක් අතහැර දැමීමට සිදුවිය.