හෝමාගම පුද්ගල ඝාතනයට සැකපිට 4දෙනෙක් අත්අඩංගුවට

හෝමාගම පුද්ගල ඝාතනයට සැකපිට 4දෙනෙක් අත්අඩංගුවට

July 26, 2025   06:53 am

ගෙල සිරකර හිසට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර හෝමාගම පොලිස් වසමේ බයිපාස් මාර්ගයේ දමාගොස් තිබූ අපරාධයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ අපරාධය ඉකුත් 10 වනදා සිදුකර තිබූ අතර නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (25) රාත්‍රී කාලයේ මාදම්පිටිය හා ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් වසම්වලදී සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව අදාළ සැකකරුවන් මේ වනවිට හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

සැකකරුවන් අවුරුදු 18 හා 24 යන වයස්වල පසුවන කොළඹ 14 හා 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

අදාළ පුද්ගලයාව ඝාතනය කිරීමෙන් පසු ඔහු පැමිණි මෝටර් රථය කෑගල්ල මාවනැල්ල මාර්ගයේ තිබී සොයා ගැනුණි.

ඒ අනුව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය දීර්ඝ විමර්ශනයක් සිදුකළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.