ජනාධිපති මාලදිවයිනේ සංචාරයකට සැරසෙයි
July 25, 2025 10:48 am
ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන ජූලි 28 වනදා මාලදිවයිනේ තෙදින නිල සංචාරයක නිරතවීමට නියමිතව ඇත.
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතවන බව බව විදේශ අමාත්‍ය විජිත හේරත් නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.
මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිතය.
එමෙන්ම මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා මාලදිවයිනේ ව්‍යාපාරික සංසදය ඇමතීම සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමටද නියමිතය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගිවීමට නියමිතව ඇත.