ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩක හල්ක් හෝගන් දිවි ගමනට සමුදෙයි

ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩක හල්ක් හෝගන් දිවි ගමනට සමුදෙයි

July 24, 2025   10:18 pm

රෙස්ලිං වළල්ලේ දැවැන්තයෙක් වන අමෙරිකානු ජාතික හල්ක් හෝගන් නොහොත් ටෙරී බොලියා මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ, හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගිය බවය. 

අමෙරිකාවේ ජෝජියාහිදී උපත ලැබූ ටෙරී බොලියා, මියයන විට 71 වන වියේ පසුවිය.

උපතින් ටෙරී බොලියා වුවත්, රෙස්ලිං පිටියේ ජනප්‍රිය වූයේ හල්ක් හෝගන් නමින්ය.

1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු ලැබූ ජයග්‍රාහණ හේතුවෙනි.

ඒ හේතුවෙන් වෘත්තීය රෙස්ලිං ක්‍රීඩකයින්ට ගෞරව කිරීමක් ලෙස එක්කරන 'WWE Hall of Fame' නාමාවලියටද හෝගන්ගේ නාමය එක්විය.