කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
July 23, 2025 06:37 pm
රුපියල් මිලියන 12 ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබේ.
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත බත්තරමුල්ල සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් සමඟ එක්ව සිදුකරන ලද වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව යුද හමුදාව පැවසුවේය.
එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු තලවතුගොඩ, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර බත්තරමුල්ල සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.