කවිරත්නගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව උණුසුම්

කවිරත්නගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව උණුසුම්

July 23, 2025   10:43 am

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් අද (23) පෙරවරුවේ අතුරු ප්‍රශ්නයක් අසන අවස්ථාවේදී කථානායකවරයා ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණි.

මන්ත්‍රීවරිය අතුරු ප්‍රශ්නය ඇසීමට විනාඩි 4කට වැඩි කාලයක් ගෙන ඇති බවට කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

එම අවස්ථාවේ දී "අනේ පොඩ්ඩක් කට වහගෙන අහගෙන ඉන්නකෝ" යනුවෙන්  මන්ත්‍රීවරිය ප්‍රකාශ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති විය.