පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි
July 22, 2025 06:41 am
පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතව තිබේ.
අද (22) සිට ලබන 25 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් 3ක් අද දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබේ.
හෙට (23) දිනයේ දී සමාගම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර අනිද්දා දිනයේ ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වන කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
මේ අතර ඉදිරි පාර්ලිමේන්තු සතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඊයේ (21) පස්වරුවේ රැස්වුණි.
මේ අතර හෙට දිනයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතව තිබේ.
කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.
මෙහිදී නව අගවිනිසුරුවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ යෝජනා පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිත බව සඳහන් ය.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ලබන 27 වන දින විශ්‍රාම යෑමට නියමිත අතර එම පුරප්පාඩුව සඳහා නව අගවිනිසුරුවරයෙකු පත්කිරීමට නියමිතය.