පාකිස්තානයේ ජලගැලීම්වලින් පැය 24ට 63ක් මරුට
July 18, 2025 04:14 pm
පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණය හමුවේ හටගත් ජලගැලීම් ආපදා හේතුවෙන් පැය 24ක් තුළ පුද්ගලයින් 63ක් මියගොස් තිබේ.
දියේ ගිලීම, ගොඩනැගිලි කඩාවැටීම සහ විදුලිසැර වැදීම වැනි අනතුරුවලින් මෙලෙස පිරිස මිය ගොස් ඇත.
මෙම අයහපත් තත්ත්වය හේතුවෙන් ඉස්ලාමාබාද් අගනුවරට සහ රාවල්පිණ්ඩි නුවරට නිවාඩු දිනයක් නම් කිරීමට පාකිස්තාන බලධාරීන් පියවර ගත් අතර, ගංගා ආසන්න කලාපවල පහත්බිම්වල වෙසෙන ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමටත් කටයුතු සිදුකර ඇත.
අධික වර්ෂාව අතරතුර පාකිස්තානයේ රාවල්පිණ්ඩි හි චහාන් වේල්ලද කැඩී ගොස් තිබේ.
මේ ආකාරයෙන් ජූනි 26 වෙනිදා සිට පාකිස්තානයට බලපෑ ජලගැලීම් ආපදාවලින් පුද්ගලයින් 170කට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇති අතර ඉන් වැඩි පිරිසක් ළමයින් බව වාර්තා වේ.